Search

ResithaOFFICIAL

හිනාවත් කඳුලත් අතර ඉන්නා මගේ මිත්‍රයා!

විටෙක මගේ හිත එපා කියයි!

තවත් විටෙක එයාව ඕනේ කියයි!

මන් එයා මගේ මුළු හිතින්ම අමතක කරලා මොන වැඩේ කරන්න හැඳුවත් එයා මට කිසිම වැඩක් කරන්න දෙන් නෑ 😭 !

තව කියනවා නම්,

එයා මට මේ ලෝකේ තියෙන හැම ලස්සන තැනක්ම හැම ලස්සන දෙයක්ම විතරක් නෙමෙයි මට ඕනේ හැම දෙයක්ම මට එයා පෙන්නනවා!

ඒ විතරක්ද එයා මගේ දුක,සතුට හැම දෙයක්ම දන්නවා

තවත් එයා ගැන කියනවනම් එයා මාත් එක්ක හැම තැනම යනවා, හැබැයි කවමදාවත් එයා මාත් එක්ක තරහා වෙන් නෑ 😊 !

මේ වෙන කවුරැත් නෙමෙයි,

මගේ,

ෆෝන්

එක හෙවත්, 

           ජංගම දුරකතයයි!

ඔයාටත් මෙහෙම කෙනෙක් ඉන්නවාද? ඉන්නවා නම් පල්ලෙහායින් Comment එකක් දාන්න!

Ressa’s Dairy 14/1/17 E2

පලවෙනි Dairy යට සතියක් ඉවර වෙනවාත් එක්කම ඕං එහෙනම් දෙවනි Dairy ය ලියන්න ලැස්ති වෙනවා! 

මේ සතිය පටන් ගනිද්දිම ඉරාජ් මාව ජාත්‍යන්තරේට යවලා 😂


ඒත් එක්කම Twitter Q&A එකක අපේ හිටපු ජනාධිපතිත් මට රිප්ලයි කරලා තිබුනා 😂🔫

මේ සතියේ කොහෝමහරි අවුරැද්දකින් විතර ආයේම අනුරාධපුරේ ට ගියා! පට්ට සෙනගක් හිටියේ! සතියේ දවස් වල සෙනඟ නෑ කිව්වට පට්ට සෙනඟක් ඉන්නේ 😬

” රැවන්වැලි මහා සෑය”

මේ සතියේ මට පොඩි ඇප් එකක් හම්බුනා ඒක හිතන තරම් පොඩිත් නෑ මේ ඇප් එකේ නම “Forest” මේ ඇප් එකේ ප්‍රධාන වැඩේ තමයි එක දෙයකට හිත යොමු කරවන එක! මේ ඇප් එකේ Timer එකක් තියෙනවා ඒ Timer එකට වෙලාවක් දුන්නට පස්සේ ආයේ ඒ වෙලාව ඉවර වෙනකන් ෆෝන් එක යූස් කරන්න බෑ 😒මේක ඇත්තටම පාඩම් කරද්දි එහෙම හෙනම වටින ඇප් එකක් 👌🏼


ඊයේ වෙද්දි ආශාවරි Music video එක 1 million+ youtube views ගත්තා 🙀ඒත් එක්කම එකේ Audio track එක ඉරාජ් apple music වලට realised කරා 😚

එහෙනම් මේ සතියේ Diary ය ලියලා ඉවරයි එහෙනම් ඉලඟ සතියෙත් හම්බවෙමු! 👋🏼

iPhone යට අවුරැදු 10යි! 

ඔබ කවුරැත් හොඳින් දන්න හඳුනන Apple සමාගම විසින් දැන්ට වසර 10කට ප්‍රතම තම මුල්ම ජංගම දුරකතනය ගැන ලොවට ප්‍රකාශ කරයි! එය ජංගම දුරකතන ලොවේ හා තාක්ෂන ලොවේ විශාල පෙරලියක් පවා සිදු කීරිමට හැකි වුවක් සහා දැනටත් සිදු කරමින් පවති.


මෙහි නිර්මාතෘ වන්නේ අභාවප්‍රප්ත Steve Jobs මහතායි, ඔහු විසින් 2007 වසරේදී  ප්‍රතම iPhone ය ලොවට ප්‍රකාශ කර අදට වසර 10ක් ගත වෙනවා! එතැන් පටන් විවිධ මාදිලි 12ක් පමන වෙළදපොල වෙත නිකුත් කර ඇත එය පහත පරිදි වේ! 👇🏼

  1. 1st gen: June 29, 2007
  2. 3G: July 11, 2008
  3. 3GS: June 19, 2009
  4. 4: June 24, 2010
  5. 4S: October 14, 2011
  6. 5: September 21, 2012
  7. 5C, 5S: September 20, 2013
  8. 6 / 6 Plus: September 19, 2014
  9. 6S / 6S Plus: September 25, 2015
  10. SE: March 31, 2016
  11. 7 / 7 Plus: September 16, 2016

iPhone ය සතුව ඇති විශේෂත්වය නම් ඔවුන්ටම ආවේනික Operating system එකකින් පමනක් පමනක් ඔවුන් තමන්ගේ ජංගම දුරකතන නික්තු කිරීමයි! එය නමින් iOS වේ දැනට එහි නවීකරණ 10ක් නිකුත් කර ඇත! සෑම වර්ෂයකට වරක්ම ජංගම දුරකතනයක් එළිදැක් වීමේ හොද පුරැද්දක් ඇති Apple සමාගම විසීන් එම සෑම දුරකතනයක් සමගම ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්දතිය එයට භාගත කර එවනු ලබයි! 


Apple සමාගම විසින් මෙම වසර තුලදි ඔවුන්ගේ 10th Anniversary iPhone 📱  ය ලොවට දායාද කිරීමට නියමිතිය! බොහෝ දෙනා පවසන ආකාරයට එහි නම iPhone 8 හෝ iPhone X ලෙස විය හැකි බවය! එය ගැන හැක්කේ Apple සමාගමට පමනයි! එය ගැන දැනගැනීමට අපට සැප්තැම්බර් මස දක්වා බලා සිටීමට සිදු වෙයි! 

ඔබ මීලඟ iPhone ය තුලින් බලාපොරොත්තු වන්නේ මොනවද කියලා පහලින් comment එකක් දාන්න! 😉

Ressa’s Diary 6/1/17 E1

අළුත් අවුරැද්දත් ඇවිත් දැනට දවස් 6ක් වගේ වෙනවා! 2017 ගැන ලියපු බ්ලොග් පොස්ට් එකේදී කිව්වා වගේ මේ අවුරැද්දේ කරන්න වැඩ ගොඩයි! 😉 කොහොම හරි අළුත් අවුරැද්ද පටන් ගනිද්දිම Daddy ලා එයාලගේ අළුත් Song එක released කරා! ඒත් එක්කම Iraj ආශාවරී RnB video එකත් released කරා 😍 මේ 2කම උණු කැවුම් වගේ Youtube Lk වල නැගලා ගියා (තවමත් යනවා😬) 

කොහොම හරි අවුරැද්දක් තිස්සේ කරපු AL Project එකත් ඇති යාන්තන් ඉවර කරා 😌ඒක පාස් කරගන්න තරම් කාපු කට්ටක් තවත් නැතුව ඇති 😁 පටුන 3න් පාරකට වඩා වෙනස් කරා 😑🔫 කොහෝම හරි බුදු කට්ටක් කාලා මිස්ට දුන්නා 😬 ඒක ඉවර කලා කියලා හිතෙද්දි නිවන් ගියා වගෙයි 😛 මොකද අපේ ස්කොලේ project භාර මිස් හිතන්නේ ඕක නිකන් රත්තරන් වගෙයි කියලා 😖

එදා ගෙදර ආවේ ෆුල් සැපෙන් ඉතින් පොඩ්ඩක් මියුසික් එකක් දාලා සැපේ ඉන්න ඕනේ කියලා ගියා Soundcloud ! හැමදාම මන් ඕකෙන් අහන්නේ සනුක ගේ සිංදු විතරමයි 😂 ඉතින් පොඩි වෙනසකටත් එක්ක සනුක ගේ සිංදු නැතුව වෙන මොකක් හරි අහන්න හිතලා ගියා මගේ යාළුවෙක්ගේ Profile එකට (මිනිහා DJ කාරයෙක් කියලා දැන ගත්තට කවදාවත් මිනිහගේ Mix එකක් අහලා නෑ 😂) එකේ දැම්මා මිනිහගේ අළුත්ම Mix එක 😋 
හිතුවට වඩා ඒක සුපිරියටම ගියා! ඒ Mix එකේ ඉදන් මිනිහ ගේ Mix ඔක්කෝම එක හුස්මට අහගෙන අහගෙන ගියා! බොරැ කියන්න ඕනේ නෑ සුපිරියටම Mix කරලා තියෙනවා! 👌🏼  තවම කොල්ලට අවුරැදු 18ක් (ඔය කිව්වට පොඩි නෑ :3 ) නිසා ඉස්සරද හොද ගමනක් තියෙනවා කියලා 💯sure !! මිනිහගේ Mixcloud & Soundcloud Links පල්ලෙහා!👇🏼

Links : https://m.mixcloud.com/thamindu-darshaka/

https://m.soundcloud.com/thamister-d

සිරාවටම ගිහින් අහලා බලන්න සුපිරි! 👈🏼🤘🏼

මේ වගේ Blogs Gappiya ත් කරනවා! කොහෝම හරි එහෙනම් මගේ පලවෙනි Diary එක මෙතනින් අවසන් කරන්නයි යන්නේ! 😬

එහෙනම්,

කියවන හැමෝම Comments එකක් දාන්න අමතක කරන්න එපා 😘😘

ආශාවරි | Ashawasri

2016 මාර්තු මාසයේ 30 වෙනිදා RedFox Youtube channel එකේ ‘කල්පන නයණමඩු’ නැමති නවක ගායකයකුගේ ගීතයක් එළිදැක් වුනා! ඒ සිංදුවේ ඇති විශේෂත්ත්වය තමයි රෑප රචනයක් නැතහොත් Music Video එකක් නොමැතිව ඉතාමත් කෙටි කලකින් විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි! බොහෝ පිරිස් පැවසුවේ මෙම ගීතයට රෑප රචනාවක් කරන්න එපා යනුවෙන්, මොකද මේ සිංදුවේ පැමිනෙන ‘කැලුම් ශ්‍රිමාල්’ගේ මියුරැ පද රටාත්,’පසන් ලියනගේ’ගෙ මියරැ පද වැල්වලටත් රෑප රචනාවෙන් යම් හානියක් වේ යැයි කියන බිය නිසා වෙනි!  

 

ඉන් අනතුරැව 2016/12/30 වන දින’ඉරාජ්’ විසින් මෙහි RnB version එකක් සාදයි! අවසානයේදී ‘ඉරාජ්’ විසින් මෙහි රෑප රචනාවේ වගකීමද කරට ගෙන 2017 අවුරැදු තෑග්ග ලෙස ‘ඉරාජ්’ විසින් 2017/01/05 වන දින ආශාවරි රෑප රචනාව  සාදා Iraj ගේ Youtube channel හි දමා පැයක් වැනි කෙටි කලක් තුල Youtube Views 5000+ වැඩි ප්‍රමානයක් ලබා ගැනීමට හැකි විය! 


එය කල්පන නයණමඩු නැමැති තරැණ ගායකයා විසින් ලැබු විශිෂ්ඨ ජයග්‍රහනයක්ද වේ මන්ද, තමන්ගේ පලමු ගීතයින්‍ ම විශාල රසික හදවත් දිනා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන්! 

තවමත් ඔබ විසින් මෙම විඩියෝව නැරඹුවේ නැත්තන් පහතින් ඇති 👇🏼  Link එක ඔබන්න

2017 ආරම්භය 😉


2016 ඉවර වෙලා ඕන් 2017 ලැබලත් දවසක් ගියා! 2017 කියන්නේ මන් AL නැත්තන් උසස් පෙල ලියන අවුරැද්ද ලු 😬 2014. සා/පෙ ලිව්වම හිතුවේ හම්බෝ 2017 ට තව කොච්චර කල් තියෙනවද කියලා ඒත් එහාට හැරිලා මෙහාට හැරෙද්දි 2017 ත් වෙලා 😭 හැබැයි තව මාස 7කින් ඒකත් ඉවරයි! 😉😅

2017 ලබපු ගමන්ම මුලින්ම උනේ ෆෝන් එක අතින් වැටිලා ලිස්සලා ගිය එක 😐ඇති යාන්තන් කිසිම ආබාධයක් නෑ🔫 ඉලඟට වුනේ 2017/1/1 SLT එකෙන් unlimited data දෙන නිසා හරියට 12:00 am වලට PC එක දැම්මා මගේම කරැමෙකට වැඩ කරේ නෑ ඕන්න ඔහේ කියලා දමලා ගහලා නිදා ගත්තා! උදේ ආයේ නැගිටලා PC එක දාද්දි දෙවියෝ මාව දැක්කා වගේ වැඩ කලා ඒත් ඒ සතුට තිබ්බේ විනාඩි කිහිපයයි -_- Torent Download කරන්න ගියාට Download වෙන් නෑ 😭🔫🔫🔫ඒත් එක්කම computer එකත් off කරලා පාඩුවේ හිටියා 😔

ඒ කොහොම හරි, 

තවත් 2016 දී ඉවර කරපු නැති වැඩ ගොන්නක් තව තියෙනවා! තාම ස්කොලෙන් දුන්න ව්‍යාපෘතිය වත් කරලා ඉවර නෑ 😞 මුලින්ම ඒක කරලා ඉවර කරන්න ඕනේ 😒

ඒත් එක්කම,

2016 දීත් අවුරැදු 18 ක් පුරා රැගෙන ආ ඒ තනිකඩ ජීවිතය දිගටම රැගෙන ආවා😁 ඒක ගැන නම් කියන්න හරිම සතුටින් 🙊😇 (පසුබිම් වාදනය: සිත නිවන කතා 😭) 

කොහොම හරි,

2017 දී හොද සිංදු ටිකක් එයි කියලා හිතෙනවා 🤔 මොකද දැන් හැමෝම පට්ට තරගයක් දෙනවා ජාත්‍යන්තරේට යන්න 😝 ඉරාජ් ගිය අවුරැද්දේ කිව්වා Akon එක්ක මේ අවුරැද්දේ සිංදුවක් කරනවා කියලා 🤓 දැන් බලමු මේ 2017 දී වත් අපේ සිංදුවක් ජාත්‍යන්තරේ ජය ගනිද කියලා 😬 ප්ලීස් මොන සිංදු ආවත් කොල්ලෝ හොටු පෙර පෙර අඩන සිංදු නම් එපො 😣

Anyway හැමෝටම සුභම සුභ අළුත් අවුරැද්දක් වේවායි කියලා රෙස්සා මල්ලි එක සිතින් පාර්තනා කරනවා 😇

iOS 10.3

ඕං ඇපල් සමාගම අළුත් අවුරැද්ද පටන් ගන්නවාත් එක්කකම එයාලගේ අළුත්ම Software update  එක Release කරන්න ලැස්ති වෙනවා කියලා පොඩි කට කතාවක් යනවා! හැබැයි එයාලා මුලින්ම කරන්නේ හැම දාම ව‍ගේ beta version එකක් දාන එක!  Sonny Dickson කියන විදියට iOS 10.3 beta 1 එක ජනවාරි 10 වෙනිදට Developers ලට හම්බවෙයි 😀

iOS 10.3 හි ඇති විශේෂතම විශේෂාංගය වන්නේ Theatre mode එකයි! 

එය Dark mood feature එකට සමාන යි. 🙄 iOS වලත් අවසානයේ Dark Mood feature එක ආවා😇! මේ feature එක එනකන් ගොඩක් iPhone users ලා මග බලන් හිටියා! 🙈

EverythingApplePro Youtube channel ය විසින් මේ සදහා පොඩි වීඩියෝවක් සිදු කර තිබුනා

එහිදි පැහැදිලිව Theatre mood එක control centre එකේ පෙන් වන ආකරය පිලිබද පොඩි දැනුවත් කිරීමත් කරා! හැබැයි මේ ආකාරයටම සිදු නොවුනත් මීට සමාන ආකාරයට තමා මේක පෙන්වනුයේ! 😬

සොනී ඩික්ෂන් කියන ආකාරයට ජනවාරි 10 වෙනිදා දට Beta version ලැබෙවිද කියා අපි බලන් ඉමු! 😉

මස්සිනා සිට ආලේට ආපු Daddy! 

2017 ලැබුවා පමනයි! Youtube Lk උණුසුම් කිරීමට Daddy සංගීත කණ්ඩායමට හැකි විය ඒ ඔවුන්ගේ නවතම ගීතය එළි දැක් වීමෙනි! 

2007 දී Daddy සංගීත කන්ඩායම පලමු වරට ලාංකීය සමාජය අතරට පැමිනෙන්නේ Massina සිංදුවෙන්! එය තරැන පිරිස් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී 2007 Music video awards හි සම්මාන 6ක් සමගින් වැඩිම සම්මාන දිනා ගැනීමට Daddy සංගීත කන්ඩායමට හැකි විය! ඉන් නොනැවතුන ඔවුන් Chandrayan PiduBorukari , Ai kale ,Tiken Tika , Jeewithe widinna , Aradhana වැනි තවත් සිංදු කිහිපයක් කර ඔවුන් ගේ සන්නාමය ඔවුන් ශක්තිමත්ව ගොඩ නගා ගන්නා ලදී! 

ලංකාවේ කොල්ලන් වෙනුවෙන් සිටින Daddy සංගීත නවතම ගීතය වන  “Aaley-ආලේ” මේ දින වල Youtube Lk හි 3න් වන Trending video ව බවට පත්ව ඇත! 


රැල්ලට නොගොස් වටිනා දෙයක් කිරීම ගැන අප Daddy කන්ඩායමට ස්තුති වන්ත විය යුතුය! 

බොරැකාරයා! 

ලොකේ හැම තැනම ඕනම වෙලාවක අපට හෝයා ගන්න පුලුවන් මන් මේකියන්නේ ටිකක් අමුතුම අකාරයේ බොරැකාරයෙක් ගැන :3 ඔව් මෙ සත්‍ය කතාවක් ඇසුරෙන් තමා 😉

ඔබ හිතනවාද කවදා හරි අසරණ මනුස්සයෙක් තමන් අසරණ බව හැමෝටම කියව කියව යනවා කියලා? නෑ! කවදාවත් කියන් නෑ මොකද අසරණ මනුස්ස‍යන් කවදාවත් අසරණ වෙලා ඉන්නත් කැමති නෑ වගේම අසරණ කම විකුණන් කනවාටත් කැමති නෑ! 

දැන් කෙනෙක් තමන්ගේ දරැවව කොහේ හරි වැඩි දුර අධ්‍යාපනය හදාරන්න කොහේ හරි රට යවනවා කියමුකෝ, ඒ මනුස්සයාට ඒක කරන්න පුලුවන් නිසා නේ ලමයව රට යවන්නේ අනික හැම රටකම පාහේ රට යවන්න කලින් බැංකුවේ තියෙන මුදල් වල අගයන් බලලනේ ඒ රටට ඇතුලත් කර ගන්නේ! තමන් ගේ පුතා හෝ දුවව රට යවලා  තමන්ගේ සල්ලි වලින් පිස්සු කෙලියොත් හරිද? නෑනේ, තමන් දැන ගන්නෝනේ පවතින අවස්තාවට අනුකූලව හරියට ජීවත් වන්න! 😊 එහෙම නැතුව මො‍ඩයෙක් වගේ හැසිරැනොත් බෑ කරන්න! 

සමහරක් එහෙම වියදම් කරන්නේත් නැතුව තමන්ගේ බැංකු පොත් වල තියෙන සල්ලි තද කරගෙන තමන්ගේ නෑදෑයන් ලගට ගොස් බැගෑපත් වෙලා නොසෑහෙන්න එක එක ජාතියේ බොරැ කතා රාශියක් කියා “මාමේ පුතාගේ වියදම් සැරයිනේ මෙයාගේ ආච්චි දෙන්නෙත් නෑ අනේ මන්දා දැන් මොනවා කරන්නද” කියලා බොරැවට අසා ඒ නෑදෑයත් අසරණ කර ඒ නෑදෑයත් හූර‍ෙගන කෑම නම් කවදාවත් හරියන දෙයක් නෙමෙයි! 

එහෙම ගන්න මුදල් කවදාවත් දිගු කල් පවතින්නෙත් නෑ! -_- 

මේ වගේ බොරැ කාරයෝ හරි විශේෂයි මොකද කිසි දෙයක් කෙලින් කියන් නෑ ඒ වගේම බොරැ අසරණ කම් තමා පාන්නේ! මෙයාලා සල්ලි පැත්තට හොය්යා කට්ටියක්,තවත් මෙයාලා ගැන කිව්වොත් කවදාවත් කිසි දෙයක් කෙලින් කියන් නැති, ඉන්න තැනක හොද ගුණ වරැනා පවසමින් නැති තැනක ලොබයා අරවා මෙව්වා කිය කිය පතුරැ යන්න බයින කොට්ඨාසයක් තමා මෙයාලා

තව නම් මන් මෙයාලා ගැන කියවන් නෑ, ඔයාලත් හිතලා බලන්ල ඔයාලගේ ජීවිතේට මේ වගේ අය තව හම්බෙලා තියෙනවද කියලා හරි ඔයත් මෙයාලා වගේ කෙනෙක්ද කියලා 😏

මේකේ මන් උදාහරණයට ගත් කතාව මන් නිකන්ම නිකන් උදාහරණයක් ගත්තේ මේක කාට වත් පහර ගහන්න ලියපු කතාවක් ‍නෙමෙයි! 😌

මන් මේක ගැන දාපු ට්විටුවක් පහතින් 👇🏼දාලා තියෙනවා! 

            -Resitha Ranasinghe (Ressa)

                         @resithaofficial

අසරණයෙක් කවදාවත් අසරණ කම් පෙන්නන් නෑ,ඒත් බොරැකාරයෙක් නම් බොරැවට අසරණ කම් පෙන්වා අනුන්ගෙන් වංකව උපකාර ගන්නවා #සිතුවිලි

Create a website or blog at WordPress.com

Up ↑