කුණාටුවක මා
සයුරු තෙරෙහි අතරමං වී
දූවිල්ලක් මෙන් ඇවිස්සෙන
මේ සිත
සැනසීමෙන් ඇද බැද
ගන්නට සිතුවත්
නුඹ සිහි කර
වාරූ නෑ මට
හඹලට කීකරු නැති රළ
සිතට කීකරු වෙත්ද
කළුවර සිත ගත
ඇද බැද ගනිද්දි
සිහි කරමි නුඹ
එළිය ගනිමි මම
වැටෙනා හැම වැහි බිදුවකම
නුඹේ කදුළු සොයයි මම
නොපෙනෙනා නුඹේ රුව
මේ අනන්තය දෙස බලා
මවා ගනිමි මම
සුසුම් හෙලමි මම
සිතු හැදු මාලිගා එළිකරන්නට
නුඹත් එක්ක නැවත පියමන්නට
දිනක නැවත එතෙර වන්නට
මේ කුණාටුව හැරදා
සිහින දකිමි මම
අම්මේ.
– රෙසිත රණසිංහ ( @ResithaOFFICIAL )