අන්ධකාරය ග්‍රහණය කර ගත්

ජීවිතය එළි කරන්නට

අනෝරා වර්ෂාව

බිද දමා

පොද වැස්සට තෙමෙන්නට


ඔබත් මාත්

දෑත් පටලවා

අනන්තය දෙස බලා


කළුවර හිත

ආලෝකයෙන් එළි කරන්නට

සිත ගත නිසංසල

එක අරමුණක

අපි දෙදෙනා

එක්ව


තවමත්

අන්ධකාර ජීවිතය මගේ

බලා සිටිනවා!

– රෙසිත රණසිංහ (@ResithaOFFICIAL)