Search

ResithaOFFICIAL

Category

Ressa’s Diary

Ressa’s Dairy 14/1/17 E2

පලවෙනි Dairy යට සතියක් ඉවර වෙනවාත් එක්කම ඕං එහෙනම් දෙවනි Dairy ය ලියන්න ලැස්ති වෙනවා! 

මේ සතිය පටන් ගනිද්දිම ඉරාජ් මාව ජාත්‍යන්තරේට යවලා 😂


ඒත් එක්කම Twitter Q&A එකක අපේ හිටපු ජනාධිපතිත් මට රිප්ලයි කරලා තිබුනා 😂🔫

මේ සතියේ කොහෝමහරි අවුරැද්දකින් විතර ආයේම අනුරාධපුරේ ට ගියා! පට්ට සෙනගක් හිටියේ! සතියේ දවස් වල සෙනඟ නෑ කිව්වට පට්ට සෙනඟක් ඉන්නේ 😬

” රැවන්වැලි මහා සෑය”

මේ සතියේ මට පොඩි ඇප් එකක් හම්බුනා ඒක හිතන තරම් පොඩිත් නෑ මේ ඇප් එකේ නම “Forest” මේ ඇප් එකේ ප්‍රධාන වැඩේ තමයි එක දෙයකට හිත යොමු කරවන එක! මේ ඇප් එකේ Timer එකක් තියෙනවා ඒ Timer එකට වෙලාවක් දුන්නට පස්සේ ආයේ ඒ වෙලාව ඉවර වෙනකන් ෆෝන් එක යූස් කරන්න බෑ 😒මේක ඇත්තටම පාඩම් කරද්දි එහෙම හෙනම වටින ඇප් එකක් 👌🏼


ඊයේ වෙද්දි ආශාවරි Music video එක 1 million+ youtube views ගත්තා 🙀ඒත් එක්කම එකේ Audio track එක ඉරාජ් apple music වලට realised කරා 😚

එහෙනම් මේ සතියේ Diary ය ලියලා ඉවරයි එහෙනම් ඉලඟ සතියෙත් හම්බවෙමු! 👋🏼

Advertisements

Ressa’s Diary 6/1/17 E1

අළුත් අවුරැද්දත් ඇවිත් දැනට දවස් 6ක් වගේ වෙනවා! 2017 ගැන ලියපු බ්ලොග් පොස්ට් එකේදී කිව්වා වගේ මේ අවුරැද්දේ කරන්න වැඩ ගොඩයි! 😉 කොහොම හරි අළුත් අවුරැද්ද පටන් ගනිද්දිම Daddy ලා එයාලගේ අළුත් Song එක released කරා! ඒත් එක්කම Iraj ආශාවරී RnB video එකත් released කරා 😍 මේ 2කම උණු කැවුම් වගේ Youtube Lk වල නැගලා ගියා (තවමත් යනවා😬) 

කොහොම හරි අවුරැද්දක් තිස්සේ කරපු AL Project එකත් ඇති යාන්තන් ඉවර කරා 😌ඒක පාස් කරගන්න තරම් කාපු කට්ටක් තවත් නැතුව ඇති 😁 පටුන 3න් පාරකට වඩා වෙනස් කරා 😑🔫 කොහෝම හරි බුදු කට්ටක් කාලා මිස්ට දුන්නා 😬 ඒක ඉවර කලා කියලා හිතෙද්දි නිවන් ගියා වගෙයි 😛 මොකද අපේ ස්කොලේ project භාර මිස් හිතන්නේ ඕක නිකන් රත්තරන් වගෙයි කියලා 😖

එදා ගෙදර ආවේ ෆුල් සැපෙන් ඉතින් පොඩ්ඩක් මියුසික් එකක් දාලා සැපේ ඉන්න ඕනේ කියලා ගියා Soundcloud ! හැමදාම මන් ඕකෙන් අහන්නේ සනුක ගේ සිංදු විතරමයි 😂 ඉතින් පොඩි වෙනසකටත් එක්ක සනුක ගේ සිංදු නැතුව වෙන මොකක් හරි අහන්න හිතලා ගියා මගේ යාළුවෙක්ගේ Profile එකට (මිනිහා DJ කාරයෙක් කියලා දැන ගත්තට කවදාවත් මිනිහගේ Mix එකක් අහලා නෑ 😂) එකේ දැම්මා මිනිහගේ අළුත්ම Mix එක 😋 
හිතුවට වඩා ඒක සුපිරියටම ගියා! ඒ Mix එකේ ඉදන් මිනිහ ගේ Mix ඔක්කෝම එක හුස්මට අහගෙන අහගෙන ගියා! බොරැ කියන්න ඕනේ නෑ සුපිරියටම Mix කරලා තියෙනවා! 👌🏼  තවම කොල්ලට අවුරැදු 18ක් (ඔය කිව්වට පොඩි නෑ :3 ) නිසා ඉස්සරද හොද ගමනක් තියෙනවා කියලා 💯sure !! මිනිහගේ Mixcloud & Soundcloud Links පල්ලෙහා!👇🏼

Links : https://m.mixcloud.com/thamindu-darshaka/

https://m.soundcloud.com/thamister-d

සිරාවටම ගිහින් අහලා බලන්න සුපිරි! 👈🏼🤘🏼

මේ වගේ Blogs Gappiya ත් කරනවා! කොහෝම හරි එහෙනම් මගේ පලවෙනි Diary එක මෙතනින් අවසන් කරන්නයි යන්නේ! 😬

එහෙනම්,

කියවන හැමෝම Comments එකක් දාන්න අමතක කරන්න එපා 😘😘

Create a website or blog at WordPress.com

Up ↑