2016 ඉවර වෙලා ඕන් 2017 ලැබලත් දවසක් ගියා! 2017 කියන්නේ මන් AL නැත්තන් උසස් පෙල ලියන අවුරැද්ද ලු 😬 2014. සා/පෙ ලිව්වම හිතුවේ හම්බෝ 2017 ට තව කොච්චර කල් තියෙනවද කියලා ඒත් එහාට හැරිලා මෙහාට හැරෙද්දි 2017 ත් වෙලා 😭 හැබැයි තව මාස 7කින් ඒකත් ඉවරයි! 😉😅

2017 ලබපු ගමන්ම මුලින්ම උනේ ෆෝන් එක අතින් වැටිලා ලිස්සලා ගිය එක 😐ඇති යාන්තන් කිසිම ආබාධයක් නෑ🔫 ඉලඟට වුනේ 2017/1/1 SLT එකෙන් unlimited data දෙන නිසා හරියට 12:00 am වලට PC එක දැම්මා මගේම කරැමෙකට වැඩ කරේ නෑ ඕන්න ඔහේ කියලා දමලා ගහලා නිදා ගත්තා! උදේ ආයේ නැගිටලා PC එක දාද්දි දෙවියෝ මාව දැක්කා වගේ වැඩ කලා ඒත් ඒ සතුට තිබ්බේ විනාඩි කිහිපයයි -_- Torent Download කරන්න ගියාට Download වෙන් නෑ 😭🔫🔫🔫ඒත් එක්කම computer එකත් off කරලා පාඩුවේ හිටියා 😔

ඒ කොහොම හරි, 

තවත් 2016 දී ඉවර කරපු නැති වැඩ ගොන්නක් තව තියෙනවා! තාම ස්කොලෙන් දුන්න ව්‍යාපෘතිය වත් කරලා ඉවර නෑ 😞 මුලින්ම ඒක කරලා ඉවර කරන්න ඕනේ 😒

ඒත් එක්කම,

2016 දීත් අවුරැදු 18 ක් පුරා රැගෙන ආ ඒ තනිකඩ ජීවිතය දිගටම රැගෙන ආවා😁 ඒක ගැන නම් කියන්න හරිම සතුටින් 🙊😇 (පසුබිම් වාදනය: සිත නිවන කතා 😭) 

කොහොම හරි,

2017 දී හොද සිංදු ටිකක් එයි කියලා හිතෙනවා 🤔 මොකද දැන් හැමෝම පට්ට තරගයක් දෙනවා ජාත්‍යන්තරේට යන්න 😝 ඉරාජ් ගිය අවුරැද්දේ කිව්වා Akon එක්ක මේ අවුරැද්දේ සිංදුවක් කරනවා කියලා 🤓 දැන් බලමු මේ 2017 දී වත් අපේ සිංදුවක් ජාත්‍යන්තරේ ජය ගනිද කියලා 😬 ප්ලීස් මොන සිංදු ආවත් කොල්ලෝ හොටු පෙර පෙර අඩන සිංදු නම් එපො 😣

Anyway හැමෝටම සුභම සුභ අළුත් අවුරැද්දක් වේවායි කියලා රෙස්සා මල්ලි එක සිතින් පාර්තනා කරනවා 😇

Advertisements